
අප ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2021.10.03 දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය දායකත්වය මත පින්නගොල්ල, දුල්මරේ,සිංහාරගම යන වසම්වල ප්‍රතිලාභින් 60 දෙනෙකු සඳහා වියලි ආහාර මළු බෙදාදීම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සඳහා රෝද පුටුවක් ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශය මඟින් සංවිධානය කරන ලදී.


















