අපගේ දැක්ම

සොදුරු ගම්මානයක ඉසුරුමත් ජනතාවක් දිවිගෙවන දිවයිනේ ප්‍රමුඛතම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය බවට පත් කිරිම.

අපගේ මෙහෙවර

සමෘද්ධිමත් ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් ජනතා අපේක්ෂාවන්ට හා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව අවශ්‍ය සේවා හා පහසුකම් සැපයීම සම්බන්ධීකරණය කිරීම අපගේ මෙහෙවරයි.

භෞතික පිහිටීම

මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දකුණු දිශානුගතව පිහිටා ඇත. උතුරින් හා බටහිරින් ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම් වන අතර දකුණින් දෙල්තොට ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශ මායිමෙන් සීමාවේ. නැගෙනහිරින් නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මෙම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බෙදී වෙන්වන “මා ඔයෙන්” සීමා වේ.
වර්ග කී.මී. 84.26 කින් යුතු ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 500-1500 අතර පැතිර යනු ඇත. උතුරු අක්ෂාංශ 07-08 හා 07-16 අතරද  නැගෙනහිර දේශාංශ 80-37 හා 80-96 අතරද පිහිටන කොට්ඨාශය කඳු සහ මද බෑවුම් සහිත අරීය ජලවහන රටාවකින් යුතු කෘෂිකාර්මික ප්‍රදේශයකි. වී ගොවිතැන මෙන්ම එළවළු වගාවෙන් සශ්‍රීක ප්‍රදේශයේ ගොවි ආර්ථිකය කෘෂිකාර්මික දායකත්වයෙන් ශක්තිමත් කර තිබෙන අතර ග්‍රාම නිළධාරි වසම් 73 කින් පරිපාලනය ගම වෙත ගලායයි.


පාරිසරික, සංස්කෘතික සහ ඓතිහාසික පසුබිම

හන්තාන කඳුවැටිය කොට්ඨාශයට මනා පාරිසරික  සුන්දරත්වයක් ගෙන දෙන අතර දේශගුණික හා කාලගුණ තත්වයන් ප්‍රාදේශීය මට්ටමින් වෙනස් වීමට මහත් දායකත්වයක් ගෙනදේ. “තලාතුඔය”  නගරය  මධ්‍යයෙන් නිරන්තරයෙන් ගලා බසිමින් නගරය ආකර්ශණීය ස්ථානයක් බවට පත් කරයි.
මහනුවර ශ්‍රී දළදා පෙරහැරත් ඒ  හා බැඳුණු කලා අංග සහ කලාකරුවන්ගෙන් සංස්කෘතිය පෝෂණය කරයි. උඩුවෙල කලා පරම්පරාව හා බැඳි කලාකරුවන් කොට්ඨාශය පුරා රැදෙමින්, දෙස් විදෙස් වල ශ්‍රී ලාංකීය සංස්කෘතිකමය අනන්‍යතාවය පසක් කර තිබේ. පිත්තල රිදී කැටයම් පාරාදීසයක් බඳු නීලවල ගම්මානය කලා කෙතකි. ලංකාවේ රජමහා විහාර නාමාවලියේ පලමු රජ මහා විහාරය ලෙස සගම රජමහා විහාරය එකතු වෙද්දි, පස්ගම, හන්තාන සහ තලාව රජමහා විහාර මෙම කොට්ඨාශය තුල තිබීම  නිසා ආගමික වශයෙන් ඇති වැදගත්කම අතිමහත්ය. සගම රජමහා විහාරය කේන්ද්‍රකොටගත් “කිරිබඩ පාත්‍රා පූජාව” හෙවත් “අළුත් සහල් මංගල්‍ය” සුවිශේෂි සංස්කෘතිකමය වටිනාකමක් එකතුකර තිබේ. පස්ගම ශ්‍රී නාථ දේවාලයත් එහි වාර්ෂික  පෙරහැරත් පිටිසර දේවාල  පදනම් වු තවත් සුවිශේෂි සංස්කෘතිකමය අංගයකි.
පාතහේවාහැට නාමික වශයෙන් විවිධ වකවානුවලදී විවිධාකාරයෙන් සඳහන් කොට තිබේ. සගම්දොර, සගම් රට, සගම් නුවර,සගම, සගම ගම්දනය වශයෙනි. හාරිස්පත්තුව මැදවල සෙල්ලිපිය, අම්පිටිය සෙල්ලිපිය, සගම පර්වත ලිපිය  මේ සඳහා සාක්ෂි දරණු ඇත. එසේම පසුකාලීනව එගොඩ පොත සහ මෙගොඩ පොත, එගොඩ පනේ සහ මෙගොඩ පනේ එගොඩ තිහ සහ මෙගොඩ තිහ වශයෙන් විකාශනය වී ඇත. එගොඩ තිහ උඩ හේවාහැට ලෙසත්, මෙගොඩ තිහ පාතහේවාහැට ලෙසත් භාවිතයට පැමිණ තිබේ. කෙසේ වුවද භූගෝලීය වශයෙන් මෙසේ බෙදී වෙන්වීමට අදාල මෙම ජන කවිය  විශාල සාක්ෂියක් දරයි.

මුහුද විමන් වදනා දෙවි දුවක                මෙන
රට මැද ගලා යන සුවිසල් මා              ඔයෙන
නෙක ගම් පටුනු කෙත් වතු සහ ගෙවු    යනින
හේවා හැට බෙදුන තිස            බැගින ගම් තිස

ඓතිහාසික තොරතුරු විශ්ලේශණය කර බැලීමේ දී හේවාහැට ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ නාම විස්තර කෙරේ විවිධ අදහස් තිබේ. ඒ අනුව “ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත” හා “ත්‍රී සිංහලේ කඩයිම් පොත” යනාදී කඩයිම් පොත්වලට අනුව මෙම ප්‍රදේශය රුහුණු රටයි. රුහුණු රට සතු රටවල් ගණන 42 කි. ඉන් පස්රටෙන් එකක් වු හේවාහැටට අයත් රටවල් 04 කි. එනම් සගම් රට, පස්ගම් රට, ගොඩරට සහ මතුරට යනුවෙනි. මෙයින් සගම් රට සහ පස්ගම් රටින් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍යේ වපසරිය පදනම් වී ඇත. මෙහිදී සේවා ගම් 10 ක් වු සගම් රට “ගම් දෙකේ” කෝරලය ලෙසත්, සේවා ගම් 20 කින් සමන්විත පස්ගම් රට හේවාවිස්ස කෝරළය ලෙසත් හැඳින්විය. කිසියම් වු මුලික ගමකට සේවා සපයන විවිධ සේවා ගණයන්ට අයත් වෘත්තීන්වල නියුතු වූවන් ගෙන් සැදුම් ලත් ගම් “සේවා ගම්” ලෙස හඳුනා ගැනේ. 

පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වර්තමානයේ පිහිටා තිබෙන්නේ තලාතුඔය නගරයේ බැවින් තලාතුඔය පිළිබඳව ඓතිහාසික තොරතුරු හා ජනප්‍රවාද සලකා බැලීම වැදගත් වේ. ඒ අනුව අද තිබෙන තලාතුඔය යන්න මුලින් හදුන්වා ඇත්තේ “තලාතුව” යනුවෙනි. අදත් පැරැන්නන් “තලාතුව” ලෙස හදුන්වන අතර “ඔතුව” යන්න බැහැර වී “තලාතුඔය” යන්න ව්‍යවහාරයට පත්ව තිබේ.

එසේම ජන ප්‍රවාදය මෙහිදි බැහැර කල නොහැකි රසවත් සාහිත්‍ය අංගයකි. තලාතුඔය ඇරඹෙන්නේ හන්තාන කඳු පන්තියෙන්ය. එය හන්තාන රජ මහා විහාරය අසලින් ගලා බැස ගුරුදෙණියෙන් මහවැලි ගඟට එකතුවන්නේ ඇතුල්ගම, උඩුවෙල, නැහිනිවෙල, තලාතුඔය, බටගල්ල, වැල්දඹල ආදී ගම් වල කුඹුරු වලට ජලය සපයා පෝෂණය කරමිනි. මේ අතර අතීතයේ උඩුවෙල වෙල් යායේ කාන්තාවන් පිරිසක් ගොයම් නෙලමින් සිටි විටදි හදිස්සියේ ධාරානිපාත වැස්සක් සහ සුළඟක් ඇතිවිය. එකල වැස්ස සඳහා තල් අතු ඉහලීම සාමාන්‍ය දෙයකි. එදින හමා ආ විශාල සුළඟක් නිසා තල් අතු ටික වැස්සත් එක්ක ඔයේ ගහගෙන ගොස් ඇත. ඔවුන් “තල් අතු යනවෝ” යනුවෙන් කෑ ගසා ඇත.තල් අතු ගසා ගෙන ගිය ඔය “තල් අතු ඔය” පසුව තලාතුඔය ලෙස ජන ව්‍යවහාරයට එක්ව තිබේ.

මෙම තොරතුරු සම්පාදනයෙහිලා ගොඩමුන්න එච්.එම්.ඒ.බි. හේරත් මහතා සහ හේවාවිස්සේ ටි.බි. වීරසිංහ මහතාගේ දායකත්වය කෘතවේදීව සටහන් කර තබමි.


ලේකම් කාර්යාලයේ රාජකාරි ස්වාභාවය

  • ආයතනික කාර්යාල කටයුතු
  • ව්‍යවස්ථාපිත නෛතික කටයුතු
  • සම්බන්ධිකරණ කටයුතු
  • මුල්‍ය කටයුතු
  • සංවර්ධන කටයුතු
  • සමාජසේවා කටයුතු
  • ඉඩම් සම්බන්ධ කටයුතු
  • ප්‍රාදේශිය කළමනාකරණය ශක්තිමකත් කිරීම හා කාර්ය වර්ධනය වැඩිදියුණු කිරිම

1991 වසරේ සිට සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරුන්

අනු අංක

සිට

දක්වා

තනතුර

නම

01

1990.05.08

1991.11.30

ප්‍රාදේශීය උප දිසාපති

ඩබ්.වික්‍රමරත්න මහතා

02

1991.12.01

1992.08.20

අතිරේක දිසාපති/ ප්‍රාදේශිය ලේකම්

ඩබ්.ගමගේ වික්‍රමසිංහ මහතා

03

1992.08.21

1995.08.01

ප්‍රාදේශිය ලේකම්

එස්.ඩි.පතරණ මහතා

04

1995.08.02

1997.01.19

ප්‍රාදේශිය ලේකම්

කේ.ඩබ්.සෙනවිරත්න මහතා

05

1997.01.20

2000.08.31

ප්‍රාදේශිය ලේකම්

එස්.වික්‍රමබාහු මහතා

06

2000.09.01

2002.02.28

ප්‍රාදේශිය ලේකම්

එම්.ඩි.බන්දුල සෙනරත් මහතා

07

2002.03.01

2006.10.15

ප්‍රාදේශිය ලේකම්

විමලා මකුල්දෙනිය මිය

08

2006.10.16

2007.07.26

ප්‍රාදේශිය ලේකම්

ටී.ගාමිණි මුනසිංහ මහතා

09

2007.07.27

2012.07.28

ප්‍රාදේශිය ලේකම්

ජී.එච්.ජයවීර මහතා

10

2012.08.01

2013.05.30

ප්‍රාදේශිය ලේකම්

ටී.ගාමිණි මුණසිංහ මයා

11

2013.06.01

2020.05.13

ප්‍රාදේශිය ලේකම්

මධුපානි පියසේන මිය

12

2020.05.27

වර්තමානය

ප්‍රාදේශිය ලේකම්

එව්.කේ.සාගරිකා දිල්හානි මිය

    

 

News & Events

18
අප්‍රේ2024
හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

හේවාහැට එක්ස්පෝ 2024 උත්සව අවස්ථා

ප්‍රදේශයේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා අලෙවි අවස්ථා නිර්මාණය...

21
මාර්2024
හේවාහැට එක්ස්පෝ 2024

හේවාහැට එක්ස්පෝ 2024

දිරියෙන් ගොඩනැගෙන දිරිය ව්‍යවසායකයන්ගේ නිපැයුම් සඳහා අලෙවි...

06
පෙබ2024
නිදහස් දිනය 2024

නිදහස් දිනය 2024

76 වන නිදහස් දිනය ප්‍රාදේශීය ලේකම් තුමියගේ...

02
ජන2024
2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2024 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

උදා වූ 2024 නව වසර දුක් පීඩා...

Scroll To Top