
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාවට අදාලව " කාර්යක්ෂම මහජන සේවයක් ඉටු කිරීම" පුහුණු වැඩසටහන 2021/11/19 සිකුරාදා දින පෙ.ව. 9.00 සිට ප.ව 12.00 දක්වා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමලත් පරිපාලන සේවයේ නිලධාරී අනුර රාජරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන රැස්වීම් ශාලාවේදී නියමිත සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්විණි. මේ සඳහා ක්ෂේත්‍රයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.
ධනාත්මක ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා නවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උදෙසා හරවත් සහ ප්‍රයෝජනවත් කරුණු රැසකින් පරිපූර්ණ වූ මෙම දේශනය මහඟු උපකාරයක් විණි.


















