
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී සහ ආර්ථික අපහසුතා ඇති ගැබිණි මව්වරුන් 25 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 31 වන දින පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්, HNB කුණ්ඩසාලේ ශාඛාවේ කළමනාකරු නියෝජනය කරමින් මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරි, තලාතුඔය වෛද්‍ය නිලධාරීවරයා නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සහ තලාතුඔය පොලිසියේ නිලධාරීන් එක්ව සිටියහ.


















