
ලෝක ළමා දිනය 2021 නිමිත්තෙන් අප පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පයකට අනුව විශේෂ වැඩසටහන් කිහිපයක් පවත්වන ලද අතර එම වැඩසටහන් අතරට පැල රෝපනය, ප්‍රතිචක්‍රීකරණය සහ රසවින්දනාත්මක වැඩසටහන් ඇතුලත්වේ.

ඉවත ලන දෑ විකුණමු, මුදල් උපයමු (Sell for recycling ) වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ගොඩලවෙල සහ වෙලෙගම ග්‍රාම නිලධාරී කොට්ඨාශවල පැවැත්වුනි. මෙම වැඩසටහන මඟින් ජනතාව ඉවතලන දෑ ප්‍රතිචක්‍රීකරනය සඳහා උනන්දු කරවීම ප්‍රධාන අරමුණ වන අතර ඒ අතරම අමතර ආදායමක් ලබාගැනීමට හැකිවේ.

පාතමයිලපිටිය දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පැවැති “කුසගිනි නැති- තුරුලිය ඇති දැහැමි රටක් “ ගොඩනැගීමේ ළමා පරිසර ආරක්ෂණ බලකාය පිහිටුවීම හා කොස් පැළ සිටුවීමේ වැඩසටහන

ළමා ගීත හා නාට්‍ය ගීත රසවින්දන වැඩසටහන 2021.10.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ළමා හිමිකම් ප්‍රවර්ධන හා සංස්කෘතික කටයුතු අංශ මඟින් සංවිධානය කරන ලදි.















