
2021 වර්ෂයෙහි නිදහස් දින සැමරුම් උළෙල පෙබරවාරි 4 දින අප කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහන අප කාර්යාලයේ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
වැඩසටහන පිළිබඳ ඡායාරූප නැරඹීම සඳහා අපගේ වෙබ් අඩවියෙහි ඡායාරූප ගැලරිය වෙත පිවිසෙන්න.
With the aim to create the necessary background to produce skilled workers by explaining and guiding about the importance of vocational education an awareness program was held on 28.08.2020 for the GCE (O / L) students at Bopitiya Rajasinghe National School under the leadership of Skills Development Officer.





තරුණ තරුණියන් උදෙසා වෙළඳ පොල රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම අරමුණු කොට ගනිමින් “උත්සව අවස්ථා සඳහා කෙටි ආහාර සකස් කිරීමේ පාඨමාලාව” මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ 2020.06.22 සහ 23 යන දිනයන්හි පුබුදුගම ශ්‍රී සුදර්නාරාමයෙහි පැවැත්විණි.


පරිසරය පිළිබඳ ළමයින් තුල සංවේදීතාවයක් ඇති කිරීම අරමුණු කොටගෙන හරිත කලාපය නඩත්තුකිරීම සඳහා රුක් රෝපණ වැඩසටහනක් මුතුකෙළියාව වැව අසල 2020.07.09 දින ළමා සමාජ ළමුන් සහ කාර්යාල ක්ෂේත්‍ර නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම පැහැදිලි කිරීම හා මඟපෙන්වීම තුලින් නිපුණ ශ්‍රමිකයන් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම අරමුණු කොටගෙන මහ/හේවාවිස්ස විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.08.14 දින එම විද්‍යාලයේ දී අප ආයතනයේ නිපුනතා සංවර්ධන නිලධාරිනියගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

















