
ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්විම මත 2023.10.06දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ පැවති “නුවණ” අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන.





කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් පෙර පාසල් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීම ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.07.12 දින පැවැත්විණි.





උතුම් වූ පොසොන් පොහොය නිමිති කරගෙන පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ "අමා වැස්ස" බැති ගී සරණිය 2023-06-02 දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදි පවත්වන ලදි





පොසොන් පොහෝ දින මොරගොල්ල ජනපදය සුපර් ලයන් ක්‍රිඩා සමාජය සහ සුබ සාධක සංගමය එක්ව ඉතා සාර්ථකව ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ලබා දුන් අතර එහි ආරම්භ අවස්ථාව සදහා පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් තුමිය,සංස්කෘතික නිලධාරී තුමිය,ක්‍රිඩා නිලධාරීතුමිය සහ වෙනත් ආයතනයන්හි නිලධාරීන් ද ඒ සදහා සහභාගි විය




පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී සහ ආර්ථික අපහසුතා ඇති ගැබිණි මව්වරුන් 25 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 31 වන දින පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්, HNB කුණ්ඩසාලේ ශාඛාවේ කළමනාකරු නියෝජනය කරමින් මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරි, තලාතුඔය වෛද්‍ය නිලධාරීවරයා නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය සහ තලාතුඔය පොලිසියේ නිලධාරීන් එක්ව සිටියහ.


















