
ශ්‍රී ලංකා ලෝකුරු ශිල්ප කලාවේ නව්‍යකරණය උදෙසා දිවයිනේ ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන,
“ලෝකුරු ශිල්ප දැක්ම හා වෙළඳ ප්‍රදර්ශනය 2023”
2023 දෙසැම්බර් මස 6 සහ 7 දිනයන්හිදී,
මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වේ.
එදින ඔබට,
- නිර්මාණ ප්‍රදර්ශනය
- නිර්මාණ අලෙවිය
- සජිවි කම්මල
- අධ්‍යන කේන්ද්‍රය
- වෙන්දේසිය ඇතුලු
වැඩසටහන් රැසක්...
මෙම නවමු අත්දැකීම මහනුවර දී විඳ ගැනීම සඳහා ඔබ සැමට ආරාධනා !!!






මත්ද්‍රව්‍යට හුරුවෙවි දවසින් දවස මැරි මැරි ජිවත්වන අය මුදවා ගැනිමටත්, මතට හුරුවන දරුවන් බැට්එකට බෝලෙට පිට්ටනියට ඇබ්බැහි කරවන්නටත් ගත් පලමු පියවර වශයෙන් පාතහේවාහැට රාජ්‍ය ආයතන ක්‍රිකට් තරගාවලිය 2023.11.11 දින ගඟවට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අප ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු මාණ්ඩලික නිලධාරින් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදි.


මෙහිදී ශූරතාවය පාතහේවාහැට ප්‍රාදේශීය ලෙකම් කාර්යාල 1 කණ්ඩායම සහ අනුශූරතාව ප්‍රාදේශීය සභා කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.






ජංගම සිම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන 2023.11.17 දින පෙ.ව.9.00 සිට පස්වරු 4.00 දක්වා තලාතුඔය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

2023/11/04 දින පස්ගමරජමහා විහාරය හා නාථ දේවාල රිට්ටාගෙය පරිශ්‍රයේදී සගම,පස්ගම,කන්දේවෙල විහාරස්ථානව විහාරාධිපති නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් එච්.කේ.සාගරිකා දිල්හානි, සහකාර ප්‍රාදේශීය ලේකම් රුචිනි ප්‍රතිභා හිටිහාමු, නාථ දේවාල බස්නායක නිලමේ තැන්පත් දුමින්ද බණ්ඩාර උඩුරාවන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව 2023 වර්ෂයට නියමිත පාතහේවාහැට ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය දේශීය සම්ප්‍රධායික කෘෂිකර්මාන්තයේ ක්‍රමවේදයන් ප්‍රායෝගිකව ඉදිරිපත් කරමින් පාසල් හා කලායතන දරුදැරියන්ගේ නර්ථන හා කලා කුසලතාවයන් මෙන්ම ග්‍රාමීය වැඩිහිටි ප්‍රජාවගේ හැකියාවන් ඉස්මතු කරවමින් මෙම උත්සවය වර්ණවත් විය.



























