
බොදු විදුහල් පොසොන් කලාප 2023
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට තලාතුඔය ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ විද්‍යාලයීය ආදි ශීෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන පොසොන් කලාපය 2023.
ඔබ සැමට බැති සිතින් ආරාධනා !!!


බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව මෙවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් විශේෂිත වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.
එහි එක් සුවිශේෂී අංගයක් ලෙස ආක්‍රමණශීලී තෘණ යොදා නිපදවන කඩදාසි භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද වෙසක් සැරසිලි වලින් මෙවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සහ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය ඒකාලෝක වනු ඇත...

වෙසක් සතිය පුරා පැවැත්වෙන මෙම වෙසක් සැරසිලි නැරඹීමට ඔබටත් සැදැහැ සිතින් ආරාධනා...!!!







උදා වු සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ උත්සවය සගම රජමහ විහාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් විහාරාධිපති පුජ්‍ය නාපාන විජිත නායක ස්වාමින්වහසේගේ අනූශාසකත්වයෙන් අප්‍රේල් 16 දින පැවැත්විනි.






2567 වන වෙසක් මංගල්‍යය සැමරීම නිමිත්තෙන්- “අයිස්ක්‍රීම් දන්සල”
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල 2023/05/03 දින ප්‍රාදේශීය ලේකම්තුමිගේ මඟපෙන්වීම මත කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.





හේවාහැට Expo: මහනුවර පුරවරයේ රාජ්‍ය අංශය මගින් සංවිධානය කරන දැවැන්තම සේවා සහ වෙලද ප්‍රදර්ශනය
ග්‍රාමීය ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් පරිසරයක් තුළ ඔවුන්ගේ අතමිට සරු කර නව නිපැයුම්වලට නැවුම් මුහුණුවරක් ලබා දීමේ අරමුණෙන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ඇරඹි Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 25 සහ 26 දෙදින මහනුවර සහස් උයන පරිශ්‍රයේදි පැවැත්විණි.





ශ්‍රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක
- අත්කම් නිර්මාණ
- ආහාර නිෂ්පාදන
- ඇගලුම් නිෂ්පාදන
- කෘෂිකාර්මික නිෂ්පාදන බැග් සහ පාවහන් නිෂ්පාදන




හේවාහැට Expo වෙලද ප්‍රදර්ශනයට සමගාමිව HNB බැංකුව හදුන්වාදෙන් SOLO APP හා ඩිජිටල් ගෙවිම් පහසුකම් පාතහේවාහැට ව්‍යවසායකන් වෙත හදුන්වාදිම.















