
2023 වර්ෂයෙහි නිදහස් දින සැමරුම් උළෙල පෙබරවාරි 4 දින අප කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.උත්සවය ආරම්භ වූයේ නිලධාරීන් සමඟ පාසල් සිසුන් කිහිප දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීමෙනි.



මෙම වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහන අප කාර්යාලයේ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022 නව වසරේ කාර්යාල කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් අනතුරුව ආරම්භ කෙරිණි.





මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනුරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ප්‍රජා පොලිස් නිලධාරීන්ගේ අඛණ්ඩ මැදිහත්වීම සඳහා ගුරුදෙණිය, තලාතුඔය සහ හඟුරන්කෙත පොලිසි ස්ථානවල නිලධාරින් 75 ක් උදෙසා 2021/11/29 දින දැනුවත් කිරීමේ වැඩසටහන.




ශ්‍රි ලංකා හදබිම අධිකාරිය හා පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද නිල් දියවර ජල පෝෂක සංවර්ධන ව්‍යපෘතිය යටතේ අම්බම්මාන වැව ආශ්‍රිතව ජල කාමි ශාඛ රෝපණ වැඩ සටහන (රෝපන ද්‍රව්‍ය වටිනාකම රු 250,000.00) 2021.12.01 දින පැවැත්විණි.





පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාවට අදාලව "කාර්යාල ක්‍රම" පුහුණු වැඩසටහන 2021/11/30 අඟහරුවාදා දින පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමලත් පරිපාලන සේවයේ නිලධාරී අනුර රාජරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන රැස්වීම් ශාලාවේදී නියමිත සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්විණි. මේ සඳහා ක්ෂේත්‍රයේ රාජකාරි කරනු ලබන නිලධාරීන් Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.
නවක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යාල ක්‍රම පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට සහ ලිපි ගොනු සැකසීම පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගැනීමට මෙම දේශනය මහඟු උපකාරයක් විණි.


















